රාජ්‍ය නායකයෙකුගෙන් ප්‍රසිද්ධියේම මෝඩයා යැයි බැනුම් ඇසූ හිටපු ඇමති පුතෙකු පසුගිය 23 ද බදුල්ලේ පැවති දේශපාලන රැස්වීමක පිස්සෙකු මෙන් හැසිරී ජන්ද දායකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක් වී ඇතැයි බදුල්ලෙන් වාර්තා වෙයි. එම රැළිය සංවිධානය කර තිබුණේ ද වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙකු විසිනි. ආණ්ඩුවේ ඉහළ නායකයෙකුගේ සහභාගීත්වය අපේක්ෂාවෙන් එම රැළිය සංවිධානය කර තිබුණු අතර එම නායකයා වේදිකාවට පැමිණෙන තුරු එහි කටයුතු සාර්ථකව පවත්වාගෙන ගොස් ඇත. කෙසේවෙතත් එකී ආණ්ඩුවේ නායකයා වේදිකාවට පැමිණීමත් සමඟ ඉහත කී මෝඩ පුතා වේදිකාවට කඩා පැන ''මම.......පෞද්ගලික ලේකම්. දැන් මෙතන ඉඳන් වැඩ කරන්න ඕනේ මට ඕන විදිහට'' යැයි පවසා එතෙක් වේදිකාවේ නිවේදන කටයුතු කරමින් සිටි පුද්ගලයා ඉන් ඉවත් කර ඔහුගේ අවශ්‍යතාව පරිදි නිවේදකයෙකු යොදවා සම්පූර්ණ වැඩසටහනම උඩුයටිකුරු කර ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව මහ ඇමති ධූරයෙන් ඉවත් කිරීමට පෙරමුණ ගත් අයෙකුටත් අශ්වයෝ,බූරුවෝ කියා ඇන ගත් අපේක්ෂිකා නිළියකටත් කතා ලබා දී තිබේ. ඒ අතර පව් කළ ගොන්නු අදින කන්ද පැත්තෙන් ගෙනා හෙන්චයියන් ලවා ඝෝෂා කරන්නටත් මේ මෝඩ පුතා ක්‍රියා කර තිබුණි. තුට්ටු දෙකේ වැඩ කර ජනප්‍රිය වෙන්න හැදූ මේ මෝඩ පුතා නිසා බදුල්ල,හාලි ඇල,පස්සර,ආසනවල ජන්ද දායකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව එම ස්ථානයෙන් පලා ගිය බවද වාර්තා වෙයි.
බදුල්ලේ දිස්ත්‍රික්කයේ

0 Comments