පානදුර දකුණ, බෙක්කේගම විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි 80 හැවිරිදි ඡන්ද දායකයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, එම තැනැත්තා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.


0 Comments