2020 මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 16,263,885 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.
ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,785,964ක් වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,348,787ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,129,100 දෙනෙකු ද සුදුසුකම් ලබා සිටිති.
මෙවර මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයින් 7452ක් තරඟ වදිති.
මැතිවරණ කොට්ඨාස 160ක් වෙනුවෙන් ඔවුන් අතුරින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතය.
ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී ඡන්ද විමසීම සිදු වේ.


0 Comments