සපුගස්කන්ද, සමාධි මාවත ප්‍රදේශයේ දී මීගහවත්ත පොලීසිය කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරු 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු ප්‍රදේශයේ වඩු මඩුවක් පවත්වාගෙන ගොස් තිබේ.
හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව පොලීසිය පැවසීය.
එම පොලිස් නිලධාරියා අදාළ සැකකරුගේ සහෝදරයෙකු වන බව ද පොලීසිය සඳහන් කළේය.

0 Comments