දේශීය පුවත්

1. වරාය සේවක වර්ජනය අවසන්… : කොළඹ වරාය සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය අත්හිටුවීමට තිරණය කර තිබේ.

2. ජවිපෙට යම්කිසි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලැබෙනවා නම් මම කැමතියි! – බැසිල් රාජපක්ෂ : ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධූර 130කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

3. බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට එන්න – මැතිවරණ කොමිසමේ සභාපති: ඡන්ද මධ්‍යස්ථාන තුළ කිසිදු කොරෝනා අවදානමක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

4. මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන්: නීති විරෝධි කටයුතුවල යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම්: මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

5. පොලිස් ඇස ගැටුණු අංගොඩ ලොක්කාගේ රුපියල් මිලියන 500ක් වටිනා ඉඩම්.. : සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාට අයත් බව කියන ඉඩම් කිහිපයක් ඊයේ පොලීසිය නිරීක්ෂණය කළේය.

6.  කළුතර බන්ධනාගාරයෙන් රැඳවියන් තිදෙනෙකු පනී.. : කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු ඊයේ අලුයම පලාගොස් තිබේ.