2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිවූ අයගේ නාමයන් එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) භාරදී තිබේ. 

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ක් සඳහා හිමිකම් කියයි. 

මහාචාර්ය ජී.එල් පීරිස් , නීතිඥ සාගර කාරියවසම්,  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක යන අය එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ට ඇතුළත්. 

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය රංජිත් බණ්ඩාර , මාචාර්ය චරිත හේරත්, සමාජ ක්‍රියාකාරී ගෙවිදු කුමාරතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් , මහාචාර්ය තිස්ස විතාරණ සහ ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන යන අය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරවලට හිමිකම් කියයි. 

එමෙන්ම ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, ව්‍යාපාරික ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය සිතා අරඹේපොළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් යන අය ද එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අතරට අයත් වේ