බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාව පවතින අතර ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැයට කි.මී 30 – 40 පමණ වේ.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ අවදානමක් පවතින බැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.


0 Comments