Learn forex and earn with tickmill stp broker and icmarkets true ecn broker in Sri Lanka in Sinhala

මේ ලිපිය ලියන්න හිතුනේ ගොඩක් දෙනෙක් කියනවා අපිට forex ගැනත් පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් ඔන්න ඔබ සැම වෙනුවෙන් FOREX වලින් සල්ලි හොයන විදිය ගැන ලිපියක්. හැමෝටම තීරෙන විදියට ලිව්වේ වැඩිය technical terms යොදන්නේ නැතුව. මේකත් ඉහල අවදානමක් ඇති දෙයක්. ඒක නිසා ඉවසීම තියෙන අවදානමක් ගන්න පුළුවන් අයට තමයි සුදුසු.  මොනවහරි තේරුනේ නැතොත් අහන්න අමතක කරන්න එපා. හරි වැඩේට බහිමු. 

What is forex and how can we earn from Forex trading ?

Forex කියන්නේ මුදල් ගනු දෙනු වෙන ලෝකේ ලොකුම වෙළදපොල. ඉතින් අපිට උපයන්න පුළුවන් මුදල් ඒකක buy /sell කිරීම මගින්. ඔබ binary කරා නම් එකේන් මේ වෙනකොට පොඩි අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ මුදල් එකක ගන්නකොට විකුනනකොට ඇතිවන මුදලේ වෙනස මත තමයි ඔබට සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ.

Forex සහ Binary දෙකක්ද එකක්ද ?

දෙකේම මුලික පදනම එකයි ඒවගේම ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තියෙනවා. දෙකේම අනාගතයේ වෙන දෙයක් වර්තමානයේ අධ්‍යනය කරලා තීරණ කිරීමක් තමයි වෙන්නේ.

Binary වල fix time එකක් මත ඔබ තීරණය කරන්න ඕන වැඩි වෙනවද අඩුවෙනවද කියලා. සාමන්‍යයෙන් තෝරාගත් කාලය අනුව ඔබ සාර්ථක වුනොත් , ඔබට සියයට අනුවක් විතර වෙනකන් දැමු මුදලට අමතරව ලැබෙනවා. ඔබේ නිගමනය වැරදි වුනොත් ඔබට නැති වෙන්නේ ඔබ දැමු මුදල් පමණයි.

Forex වලදී ඔබට එහෙම නිශ්චිත කාලයක් නෑ ඔබට කැමති වෙලාවක ට්‍රේඩ් එක නවත්තලා ලාහය ගන්න පුළුවන් (සාර්ථක නම්). මේ ලාභය ඔබ දැමු මුදල මෙන් කීප ගුණයක් හෝ ඊටත් වැඩිඅති විශාල ලාභයක් වෙන්න පුළුවන් ( සේවා ගාස්තු වගේ සුළු ගානක් කැපෙනවා ). ඒවගේම අසාර්ථක වුනොත් ඔබේ පාඩුව ඔබ දැමු මුදලට වඩා කීප ගුණයක් හෝ ඊටත් වැඩි අති විශාල එකක් වෙන්න පුළුවන්. නුමුත් මේ පාඩුව අවම කර ගන්න forex වල අපි පාවිච්චි කරනවා stop loss කියලා දෙයක්. එකෙන් කරන්නේ ඔබේ පාඩුව අවම කිරීම. ඒක නිසා මේ දේ හරියට පාවිච්චි කරොත් මේකෙන් ඉතා සාර්ථක අදායමක් හොයන්න පුළුවන්.

Forex Trading කරන්න පුළුවන් කාල වේලාවන් මොනවද ?

සදුදා උදේ 2.30සිට සිට සෙනසුරාදා උදේ 2.30 වෙනකන් forex වෙළදපොල ක්‍රියාතමක වෙනවා ( බයිනරි වල වගේ සති අන්තයේ ට්‍රේඩ් කරන්න බෑ හොදේ ! ). නුමුත් මුදල් ඒකක වල මිල ඉහල පහල යෑම වැඩිම හවස 6.30 සිට හවස 9.30 වගේ කාලයන් වල. ඉතින් කුඩා කාලයන් වල ට්‍රේඩ් කරන්න හොදම කාලය එයයි.  ( දින ගණන් ට්‍රේඩ් එකක් දාගෙන ඉන්න පුළුවන් ප්‍රාග්ධනයක් තියෙන ගිණුමකට මේ කාල වේලාවන් නම් එතරම් ගැටළුවක් නෑ )

How to choose a reliable regulated broker for forex trading ?

Forex වලත් ඉන්නවා එක එක ජාතියේ brokerලා. Dealing Desk ( market makers ) ලා සහ Non dealing deskලා කියලා දෙවර්ගයක් ඉන්නවා.

Dealing Desk ( market makers ) forex brokers - මාර්කට් මේකර්ස්ලා කරන්නේ ඔවුන්ගේ buyersලා sellersලා පාවිච්චි කරමින් කෘතීම වෙළදපොලක් ආයතනය තුලම නිර්මාණය කිරීම. ඔබේ ට්‍රේඩ් එක් sell එකක් නම් එකට match වෙන buy order එකක් සමග ගැලපීම තමා කරන්නේ. වැරදිලා හරි ගැලෙපෙන එකක් තිවුනේ නැතොත් broker ඔබේ ට්‍රේඩ් එකේ අනිත් පැත්ත ඉබේම ගන්නවා. එම නිසා මෙවැනි බ්‍රෝකර් කෙනෙක් තෝරාගැනීමේදී ඔබ සැමවිටම බලන්න ඕන එම ආයතනය නියාමනය වෙන සහ ඉහල පිළිගැනීමක් තිබෙන ආයතනයක් ද කියන එක. එහෙම ආයතනයක් නම් කිසිම ගැටළුවක් නෑ. ඒක නිසා සැමවිටම සොයලා බලන එක අනිවාර්ය දෙයක්.

Non dealing desk forex brokers - ඔවුන් කෙලින්ම ඔබේ buy /sell orders ප්‍රධාන වෙලදපොල සමග සම්බබන්ධ බැංකු/හෙජ් අරමුදල් වැනි liquidity providersලා වෙත යොමු කිරීම. ඔවුන් ඔබෙන් ගන්නේ සේවා ගාස්තුවක් සහ commission එකක් පමණයි. මේකෙත් STP සහ ECN කියලා වර්ග දෙකක් තියෙනවා. දෙකම අවුලක් නෑ. වැඩි මුදලක් යොදවන්න පුළුවන් නම් ECN කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් නුමුත් පොඩි ගානකින් පටන් ගන්නවනම් STP කෙනෙක් වුනත් දැනට ඇති. ඊත් $200ක් වත් යොදවන්න පුළුවන් නම් අනිවාර්යයෙන් spread එක අඩු ECN ගිණුමකට යොමුවෙන්න.

Recommended Forex Brokers - Tickmill, ICMarkets, IQ Option & FBS Brokers

අපි ඔයාලට දැනට තියෙන හොදම binary brokersලා හදුන්වා දුන්නා වගේ මේ තියෙන්නෙත් එහෙම තෝරගත්තු forex brokersලා.

1. Tickmill STP Broker - Minimum Deposit $100

tickmill-sinhala

පොඩි මුදලකින් අඩු spread එකක ට්‍රේඩ් කරන්න කැමති සහ අවශ්‍ය අයට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් තමයි tickmill කියන්නේ.

Tickmill ඇයි හොද forexවලට ?

1 - FCA UK REGULATED සහ FSA SC REGULATED ආයතනයක් වීම

2 - Non dealing desk බ්‍රෝකර් කෙනෙකු වීම

3 - $100වැනි සුළු මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

6 - 500:1 දක්වා Leverage තිබීම

7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

9 - ආයතනය එක්සත් රාජධානියේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම.

11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

12 - ට්‍රේඩින් මෘධුකාංග - MT4 සහ Webtrader

13 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.

කොහොමද tickmill සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

මේකේ හොද පාඩම් මාලාවක් තියෙනවා. ඒටිකත් බලන්න අමතක කරන්න එපා.

How to open a live Tickmill account / කොහොමද live Tickmill ගිණුමක් ආරම්භ කරන්නේ ?

මේක ඉතාම පහසු දෙයක් නුමුත් පහත වීඩියෝ එකත් බලන්න

2. ICMarket True ECN Forex Broker - Minimum Deposit $200

ic-market-in-sinhala-sri-lanka

ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ඉතාම අඩු spread එකක් එක්ක ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අය අනිවාර්යයෙන් යොමු වෙන්න ඕන බ්‍රෝකර් කෙනෙක් තමයි ICmarket කියන්නේ.

ICMarkets ඇයි හොද forexවලට ?

1 - ASIC Australia සහ SC REGULATED ආයතනයක් වීම

2 - Non dealing desk true ECN බ්‍රෝකර් කෙනෙකු වීම

3 - $200වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

6 - 500:1 දක්වා Leverage තිබීම

7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

9 - ආයතනය ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )

11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

12 - ට්‍රේඩින් මෘධුකාංග - Ctrader, MT4, MT5 සහ Webtrader

13 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.

කොහොමද ICMarkets සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

3.FBS Lowest Deposit Forex Broker - Minimum Deposit $1

fbs-forex-broker

ඔයාට FBS Trader, Mt4/Mt5 භාවිතා කරමින් අඩු මුදලකින් ට්‍රේඩ් කරන්න කැමතියි නම් සහ අවශ්‍යයි නම් හොදම බ්‍රෝකර් තමයි FBS. අනික ඔවුන් වැඩිම බෝනස් මුදල් දෙන ආයතනයක්

FBS ඇයි හොද forexවලට ?

1 - IFSC Belize REGULATED ආයතනයක් වීම

2 - $1 වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

3 - Spread එක 3 pip සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

4 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

5 - 3000:1 දක්වා Leverage තිබීම

6 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

7 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

8 - ආයතනය බෙලීස්හි ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

9 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )

10 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

11 - ට්‍රේඩින් ගිණුම් FBS Trader, MT4 , MT5 සහ Webtrader

12 - ECN ගිණුම් තිබේ

13 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.

කොහොමද FBS Broker සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

4.Pepperstone Lowest Deposit Forex Broker - Minimum Deposit $200

pepperstone-forex-broker

ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අය අනිවාර්යයෙන් යොමු වෙන්න ඕන ඕස්ට්‍රේලියානු බ්‍රෝකර් කෙනෙක් තමයි Pepperstone කියන්නේ.

Pepperstone ඇයි හොද forexවලට ?

1 - ASIC Australia සහ FCA REGULATED ආයතනයක් වීම

2 - Non dealing desk true ECN බ්‍රෝකර් කෙනෙකු වීම

3 - $200වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

6 - 500:1 දක්වා Leverage තිබීම

7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

9 - ආයතනය ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )

11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

12 - ට්‍රේඩින් ගිණුම් Ctrader,MT4 ,MT5 සහ Webtrader

13 - Scalping, Expert advisors, Hedging සහ News trading වලට ඉතාම සුදුසු බ්‍රෝකර් ආයතනයක්.

14 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.

කොහොමද Pepperstone Broker සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

How to use Forex MT4 Trading platform  / MT4 ට්‍රේඩින් මෘදුකාංගය භාවිතා කරන ආකාරය

පහත වීඩියෝ එක බලන්න අදහසක් ගන්න.

Forex Calculators - Margin Calculators / Pip Calculators

ඔයාට පහසුවෙන්ම Margin calculator සහ Pip calculator භාවිතා කරමින් ට්‍රේඩ් කිරීම සදහා අවබෝදයක් ගන්න පුළුවන් ( USD වලට වෙනස් කරගන්න මොකද දැන් තියෙන්නේ මේකේ ඔක්කොම EUR වලින් ). margin caluculator එකෙන් ඔයාට අදහසක් ගන්න පුළුවන් කොතරම් මුදලක් ඕන වෙනවද කියලා එක එක lot size වලින් ට්‍රේඩ් එකක් ආරම්භ කිරීමට. උදාහරණයකට අපි 0.01lot size එකෙන් ට්‍රේඩ් කිරීම ආරම්භ කරන නිසා 2.35 USD මුදලක් අවම වශයෙන් අවශ්‍යයි ට්‍රේඩ් එක දැමීම සදහා. Pip calculator එකෙන් ඔයාට පුළුවන් කොච්චර මුදලක් ලාභය හෝ පාඩුව වෙන්න පුලුවන්ද කියලා ට්‍රේඩ් එකකදී. උදාහරණයකට අපි 0.01lot size තොරගත්විට EUR/USD.පීප් එකක අගය 0.1USD . ( එකියන්නේ pip 100 ධන වුනොත් ඔයාට $10 ලාභය ලැබෙනවා වගේම pip 100 රිණ ගියොත් ඔයාට $10 පාඩු වෙනවා කියන එක ) ඉතින් මේ අනුව ඔයාට පුළුවන් ස්ටොප් Stop Loss / Take Profit දමාගන්න.

Forex Calculators Page

How to use Forex ctrader Trading platform  / ctrader ට්‍රේඩින් මෘදුකාංගය භාවිතා කරන ආකාරය

පහත වීඩියෝ එක බලන්න අදහසක් ගන්න.

Stop Loss and Take Profit

මුලික ලෙස Stop loss එකක් මගින් අපිට ට්‍රේඩ් එකකට අවදානම අඩු කරගන්න පුළුවන්. එකියන්නේ යම් යම් විදියකින් අපේ ට්‍රේඩ් එක රිණ ගියොත් එම ට්‍රේඩ් එක යම් කිසි පීප් ප්‍රමණයකදී අනිවාර්යෙන්ම නවතින්න කියලා විදානයක් දෙන්න පුළුවන්. එවිට එම ස්ථානයට පැමිණි විට ස්වයන්ක්‍රීයවම ට්‍රේඩ් එක close වෙනවා. Take profit එකේදී වෙන්නේ අපිට පුළුවන් විදානයක් දෙන්න යම් කිසි පිප් ප්‍රමාණයක් අපි බලාපොරුත්තු වෙන දෙසට ගිය විට ස්වයන්ක්‍රීයවම ට්‍රේඩ් එක close කරලා ලාභය ගන්න කියලා විදානයක් දෙන්න. පහත වීඩියෝ පටය බලන්න අවබෝදයක් ගන්න.

 

Pending Orders in Forex

අපිට පුළුවන් ට්‍රේඩ් එකක් දාලා තියන්න යම් කිසි අගයකදී ආරම්භ කලයුතුයි කියලා විදානයක් සමග.  Buy Stop සහ Sell Stop කියන pending orders තමයි වැඩිපුරම ප්‍රොයෝජනවත් වෙන්නේ. පහත පින්තුරය වගේම වීඩියෝ පටය බලන්න වැඩි අවභෝදයක් සදහා. 

order-types-in-forex

( Source  : Babypips Website )

Support / Resistance අනුව Forex ට්‍රේඩ් කරන විදිය

1.  Range market එකකදී support / resistance භාවිතා කරමින් ට්‍රේඩ් කරන ආකාරය ඉගෙන ගැනීමට පහත ලිපිය කියවන්න :
Trade using the support and resistance zones in a Range Market ( Sinhala )

Forex Trading idea using range market Support and resistance ( English )

2.  Trending market එකකදී support / resistance භාවිතා කරමින් ට්‍රේඩ් කරන ආකාරය ඉගෙන ගැනීමට පහත ලිපිය කියවන්න :
Trade using the Support and resistance zones in a trending market ( Sinhala )

Forex Trading idea using trending market Support and resistance ( English )

Candlestick Patterns යනු මොනවාද ?

මේ ගැන දැනුම ලබාගැනීම සදහා පහත ලිපිය බලන්න.

Candle Stick Patterns for forex and binary 

ඒවගේම පහත වීඩියෝ කීපයත් බලන්න අමතක කරන්න එපා.

Chart Patterns යනු මොනවාද ?

මේ ගැන දැනුම ලබාගැනීම සදහා පහත ලිපිය බලන්න

Chart Patterns for forex and binary

ඒවගේම පහත වීඩියෝ කීපයත් බලන්න අමතක කරන්න එපා.

මුදල් කළමනාකරණය කල යුතු ආකාරය.

 

ට්‍රේඩ් කිරීමට සුදුසු දින සහ කාලයන්.

සාමානයෙන් සතියේ දින වලදී අගහරුවද සිට බ්‍රහස්පතින්දා දක්වා ට්‍රේඩ් කිරීමට සුදුසුයි. ඒවගේම අපේ වේලාවෙන් හවස 2.30 වගේ ඉදන් රෑ 9.30 වගේ වෙනකන් ට්‍රේඩ් කිරීමට පුළුවන්.  පුවත් නිකුත් වන වෙලාවල් වලදී නවක ඔබ ට්‍රේඩ් කිරීමෙන් වැළකෙන්නේ මොකද මිල ඉහල පහල යෑම ඉතාම වේගවත්ව වෙන නිසා loss වෙන්න පුළුවන් ඉඩ ඉතාම වැඩියි. 

How to get money to my account from Skrill /Neteller Instantly ? / මුදල් දැමීම සහ ලංකවේ ගිණුමකට මුදල් ගන්නා ආකාරය

මේ සදහා පහත ලිපි දෙක අනිවාර්යයෙන්ම කියවන්න.

Skrill ewallet

Skrill ewallet to Commercial Bank ATM instant withdrawal

 

අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු දේවල්

1 - ඩෙමෝ කරන්න සාර්ථක වෙනකන්. ඉන්පසු ඔබට පුළුවන් මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට.
2 - ඔබේ ගිණුමේ ශේෂය $200ට අඩුනම් 0.01කට වඩා ට්‍රේඩ් එකකට දමන්න එපා. ( $10,000 වගේ තියෙනවනම් ඉතින් $1 වගේ ඇල්ලුවට කමක් නෑ !). ඔබේ සාර්ථකත්වය අනුව ක්‍රමානුකුලව මේක වැඩි කරගන්න පුළුවන් ( 0.02, 0.03, 0.05 etc.. ).
3 - මතක ඇතුව stop loss ( pips 25-40ක් වගේ දැනට දාගන්න ) සහ take profit දමාගන්න ඒවගේ දෙගුණයක් හෝ තුන්ගුණයක් ( pips 50-80ක් වගේ දැනට දාගන්න ) . ඒ වගේම profit වෙන ට්‍රේඩ් එකක් නම් stop loss එක ගේන්න ඔයා දාපු අගයට වඩා ලාබය තියෙන පැත්තට ට්‍රේඩ් එක අනුව ( Lock profits )
4 - ට්‍රේඩ් ඕපන් කරන් ඉන්න එපා සිකුරාදා හවස ඉදන් මොකද අයීත් මාර්කට් open වෙන්නේ සදුදා නිසා ( මෙහෙම close නොකර ඉන්න පුළුවන් විශාල ගිණුම් තියෙන අයට. $1000-5000වත් නැතුව එහෙම open කරන ඉන්න එපා.  )
5 - වරකට එක ට්‍රේඩ් එකකට වඩා දාන්න එපා හොදට පුරුදු වෙනකන්.
6 - පුවත් තියෙන වෙලාවට පොඩ්ඩක් පරිස්සමින් ට්‍රේඩ් කරන්න. පුවත් වේලාවන් තුල ට්‍රේඩ් නොකර ඉන්න පුළුවන් නම් වඩා හොදයි ( 15-30 minutes before and after news ).
7. සැමවිටම trend එකත් එක්ක ට්‍රේඩ් කරන්න. trend එකට විරුද්ධ දිශාවට ට්‍රේඩ් කිරීම නවක ඔබට සුදුසු වෙන්නේ නෑ.

සිග්නල් සේවයක් ඕන නම් Francoගේ signal ලිපිය බලන්න. Scalping කරන අයට වඩාත් සුදුසු වේ. Swing traderලාට ( දින හෝ සති ගණන් ට්‍රේඩ් දාගෙන කරන අයට ) උචිත සිග්නල් සේවා සදහා පිවිසෙන්න  Forex Signals for Swing Traders in Sinhala

ජය වේවා !

වැඩි දැනුමක් ලබාගැනීමට ප්‍රොයෝජනවත් වන වෙබ් අඩවි

1 - Babypips වෙබ් අඩවිය 

2 - Trading Views වෙබ් අඩවිය 

3 - The Balance  වෙබ් අඩවිය

4 - FX Empire වෙබ් අඩවිය  

5 - Daily FX  වෙබ් අඩවිය